2025 අයවැය යෝජනාවලින් 40%ක් ක්‍රියාත්මක කර නැහැ - වෙරිටේ රිසර්ච්

වෙරිටේ රිසර්ච් ආයතනයේ රජයේ මූල්‍ය වෙබ් අඩවිය විසින් නිකුත් කරන ලද තක්සේරුවකට අනුව, 2025 අයවැයේ යෝජනාවලින් ආසන්න වශයෙන් සියයට 40ක් ක්‍රියාත්මක කර නොමැත.
මෙම තක්සේරුවෙන් හෙළි වූයේ යෝජනාවලින් සියයට 33ක් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර ඇති අතර, සියයට 8ක් සැලකිය යුතු ලෙස ක්‍රියාත්මක කර ඇති බවයි. තවත් සියයට 22ක් අර්ධ වශයෙන් ක්‍රියාත්මක කර ඇත. තවත් සියයට 14ක් අසතුටුදායක ප්‍රගතියක් පෙන්නුම් කළ අතර, සියයට 3ක් කඩ කළ පොරොන්දු ලෙස වර්ගීකරණය කර ඇත.
යෝජනාවලින් සියයට 19ක කිසිදු ප්‍රගතියක් දක්නට නොලැබුණු අතර, දළ වශයෙන් සියයට 39ක සැලකිය යුතු ප්‍රගතියක් නොමැත. කෙසේ වෙතත්, සියයට 33ක සම්පූර්ණ ක්‍රියාත්මක කිරීමේ අනුපාතය 2017 දී අධීක්ෂණය ආරම්භ කළ දා සිට වාර්තා වූ ඉහළම අගය වන අතර, එය 2024 දී සියයට 17ක් විය.