ආසියානු කාන්තා පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට මන්ත්‍රී චමින්ද්‍රානි කිරිඇල්ල ශ්‍රී ලංකාව නියෝජනය කරයි

කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නියෝජ්‍ය සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පැවති ආසියානු කාන්තා පාර්ලිමේන්තු කණ්ඩායමේ 2026 වාර්ෂික රැස්වීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළාය.
මෙම රැස්වීමට ඉන්දියාව, පකිස්ථානය, ජපානය, නේපාලය, මාලදිවයින, තායිවානය, පිලිපීනය සහ මැලේසියාව යන රටවලින් කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී විය. කාන්තා අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ දේශපාලනයේ කාන්තා නායකත්වය ඉදිරියට ගෙන යාම සඳහා කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා අවධානය යොමු විය.
නියෝජිත කණ්ඩායම් මැලේසියානු පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වූ අතර මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රාහිම් මහතා සහ විපක්ෂ නායකවරයා හමු විය.