දිස්ත්‍රික් සංවර්ධන හා විමධ්‍යගත අයවැය වැඩසටහන් සඳහා රුපියල් මිලියන 50,000ක් වෙන් කෙරේ

දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන සහ විමධ්‍යගත අයවැය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා දිස්ත්‍රික්කයකට රුපියල් මිලියන 2,000 බැගින්, මුළු රුපියල් මිලියන 50,000ක් වෙන් කර ඇත.
මෙම මුදලින් රුපියල් මිලියන 47,750ක් දිස්ත්‍රික් මට්ටමින් හඳුනාගත් විශේෂ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් කෙරේ.
ඉතිරි රුපියල් මිලියන 2,250 විමධ්‍යගත අයවැය වැඩසටහන සඳහා වෙන් කෙරෙන අතර, එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සඳහා රුපියල් මිලියන 10ක් වෙන් කෙරේ.