වන අලි ප්‍රහාරවලින් දෙදෙනකු මරුට; ස්පාඤ්ඤ ජාතික කාන්තාවකට තුවාල

වන අලි ප්‍රහාරවලින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් විදේශිකයකු තුවාල ලබා ඇති බව පොලිසිය වාර්තා කරයි.
නොවැම්බර් 25 වැනිදා දඹුල්ල-කණ්ඩලම ප්‍රධාන මාර්ගයේ කණ්ඩලම වැව ආසන්නයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී වන අලියකුගේ ප්‍රහාරයකට ලක්ව 36 හැවිරිදි යුද හමුදා සෙබළකු වන රසික ලක්මාල් මියගොස් ඇත. ඔහු නිවාඩු ලබා සලාව යුද හමුදා කඳවුර වෙත ආපසු යමින් සිටියේය.
අම්පාරේ දමන වීරපිටිය ප්‍රදේශයේදී වන අලියකුගේ ප්‍රහාරයකට ලක්ව මොරගහපල්ලම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇත.
මීට අමතරව, නොවැම්බර් 24 වැනිදා පස්වරුවේ සීගිරියේ පිදුරංගල ප්‍රදේශයේදී අලි ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ ස්පාඤ්ඤ ජාතික කාන්තාවක් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.