ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කට්ටන්කුඩි ද්‍රව්‍ය ප්‍රතිසාධන පහසුකම සුනිල් හඳුන්නෙත්ති මහතා අතින් විවෘත කෙරේ

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා 2026 නොවැම්බර් 26 වන දින කට්ටන්කුඩි හි නව ද්‍රව්‍ය ප්‍රතිසාධන පහසුකමක් නිල වශයෙන් විවෘත කළේය. මෙම උත්සවය කට්ටන්කුඩි නගර සභා පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම ව්‍යාපෘතිය ජාතික “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ කොටසක් ලෙස ක්‍රියාත්මක වන අතර, මහජන පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ කට්ටන්කුඩි නගර සභාව විසින් ක්‍රියාත්මක කරනු ලැබේ.
මෙම පහසුකම ජෛව හායනයට ලක් නොවන අපද්‍රව්‍ය ක්‍රමානුකූලව කළමනාකරණය කිරීම, නිවෙස්වලින් වෙන් කරන ලද ප්ලාස්ටික්, පොලිතින් සහ වීදුරු සැකසීම සහ අඩු කිරීම, නැවත භාවිතය සහ ප්‍රතිචක්‍රීකරණය යන 3R සංකල්පය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරයි.
මෙම වැඩසටහන මගින් ස්වභාවික සම්පත් සංරක්ෂණය කිරීම, පාරිසරික දූෂණය පාලනය කිරීම, කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය සැපයීම, රැකියා උත්පාදනය කිරීම සහ චක්‍රීය ආර්ථිකයක් පෝෂණය කිරීම අපේක්ෂා කරන බව නිලධාරීහු පවසති.