පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් සඳහා පුනර්ජනනීය බලශක්ති දැනුවත් කිරීමේ වැඩසටහනක් SLSEA විසින් පවත්වයි

ශ්‍රී ලංකා තිරසර බලශක්ති අධිකාරිය සහ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පුත්තලමදී පැවැත්වීය.
මෙම සැසියේ අරමුණ වූයේ ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත ව්‍යාපෘති පිළිබඳව දැනුවත් කිරීම, දිස්ත්‍රික්කයේ පවතින ව්‍යාපෘතිවලට බලපාන අභියෝග විසඳීම සහ ආයතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමයි.
මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් ලේකම් වයි. අයි. එම්. සිල්වා, අතිරේක ලේකම්වරුන් වන පුබුදිකා බණ්ඩාර සහ චතුරක ජයසිංහ, සහ SLSEA නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු විමල් නදීර යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
ඊළඟ දැනුවත් කිරීමේ වැඩසටහන මොනරාගල දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිතය.